Friday, March 22, 2013

වන්දි ගෙවීම.


ජීවිතයේ නියං සමය ගෙවී යයි ,

නොලැබ දිය බිදක්.....

ගිනිගෙන දැවෙන හිරු රශ්මියෙන් ,

ඉරි තැලෙයි හද.... 

ඉතින් මෙයනම් ආදරයේ වන්දි ගෙවීම... 

ගෙවමි දිවි ඇති තෙක් වුව.... 

මක් නිසාද යත්,

මමත් ආදරය කල බැවිණි.


ධනුගෙ අදහසක්...

අහිංසකයි


සඳ එලිය නැති උනත්
තරු එලිය යට ඉඳන්
පාට ගෑ සිහින වල
අඳින්නම් ඔබ සිතින්
සීතලට උන්ඩි වී
උනුහුමේ සැතපෙමින්
හිඳින්නම් ඔබ ලඟම
හුස්ම ටික තියෙනකම් 

හ්ම්ම්... . .
ඔයාගේ ඇස්
නපුරුයි වගේ පෙනුනට
ගොඩක් අහිංසකයි
ආදරේ පිරිල ඉතිරිල ඇති
හන්ගගෙන ආදරේ කරන්න
හොඳට දන්නව
සංවේදි බව දැනෙන හිතක් දැක්කෙ
ගොඩක් කාලෙකට පස්සෙ
නොකියා ඉන්න බැරි තරමට ලෝබ හිතුන
අහිංසකයි ඔයාගේ ආදරේත්.................. 
ඔයගේ ඇස්
නපුරුයි වගේ පෙනුනට
ගොඩක් අහිංසකයි
ආදරේ පිරිල ඉතිරිල ඇති
හන්ගගෙන ආදරේ කරන්න
හොඳට දන්නව
සංවේදි බව දැනෙන හිතක් දැක්කෙ
ගොඩක් කාලෙකට පස්සෙ
නොකියා ඉන්න බැරි තරමට ලෝබ හිතුන
අහිංසකයි ඔයාගේ ආදරේත්..................  

                                                   By Sihina

ඔබේ ඔය ආදරේ .. . .


ලෙන්ගතුයි හැමදාම

සොඳුරු ඔබෙ හද මඩල

සුන්දරයි හැමදාම

සොඳුරු ඔබෙ වත කමල

අහිංසක දෙනෙත් යට

සැඟවිලා හොර රහසේ

විඳින්නට අවසරයි

ඔබේ ඔය ආදරේ...........


පාලුවට ගිය මගේ

හිත් යාය වපුරලා

උනුහුමට මගෙ හිතේ

ආදරේ ගුලි කලා

ඇස් වලින් සිනාසි

හෙමි හෙමින් ඉඟි කලා

මගෙ පාලු හද කුටියේ

මා අතරමං කලා..........




                                                    By Sihina...          

Thursday, March 21, 2013

ෆේස්බුක් යාළුවෝ..


කියන්න බැරි තරමේ
පාළුව හිත ඇතුලේ
මැකුවේ ඔබයි මගේ
ආදර යාළුවනේ..


              දහසක් අවවාදත්
              සහසක් හිනාවනුත්
              අහසක් සේ කදුලුත්
              දුටුවා නුඹලාගෙන්...


                                 හිත මගෙ සනසවලා
                                 හිනාව මුව රදවා
                                 නිතරම දොඩවාලා
                                 හිටියා ළඟට වෙලා..




Tuesday, March 19, 2013

හරිම පාළුයි



විටින් විට දුක් රිදුම් එනවා
ඒත් නුඹ නෑ මං ළඟින්
ජීවිතේ දුක් පාළු අතරින්
ඔයා එනතුරු මග බලම්...

හරිම පාළුයි ලෝකයම මට
දැනෙන්නෙම හරි හිස් බවක්
පුදුමයක් නොව ඉතින් එයනම්
ඔයා නෑ ඇස් දෙක දුරින්..

නෑ කියා මගෙ ළඟින් හුඟ කල්
යන්නෙ නෑ වෙන කෙනෙකු වෙත මං
ඔයා එනකල් කල්පයක් වත්
බලන් ඉන්නම් ඉවසමින් දුක්..


හිත ගත් ගීයක්..



මේ තරම් සියුමැලිද කලු ගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් 
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැවලග ඉලුක් සෙවනක 
මැටි පිලක පැදුරක් එලා 
රිදුම් පිරිමදිමින් බලයි ඔහු 
මැරෙන ඉපදෙන රල දිහා
මැරෙන ඉපදෙන රල දිහා

ඉසුරුමුනියේ ඔබ තැනූ 
පෙම්බරිය කොතැනක කියා
මා ඇසූ විට හිනහුනා ඔහු 
තවම තනිකඩ යැයි කියා
තවම තනිකඩ යැයි කියා


                       :- ආචාර්ය සුනිල් එදිරිසිංහ


අසරණ ගැහැණුකම

  
කැකෑරෙන රාගයෙන්
නූපන් ආදරෙන්
නොබලන් මිනිසුනේ
ගැහැණුකම දෙස හොරෙන්..

උතුම් මව් පදවියක
රජ කරයි යම් දිනක
එහෙව් උන් කරා ඔබ
නොමඑන්න රුදු හිතින්..

නිරතුරුව අනතුරක්
ඔවුන් අත් විදින කල
නැගිටින්න දුටු විගස
අසරණයි ගැහැණු ලොව..



Monday, March 18, 2013

තරහවක් නෑ


දෑස් දල්වන් නොඉවසිල්ලෙන්
ආදරෙන් අපි හමුවුනත්..
වෙන්වීම අත දරන්
ළගින් හිද හිනැහුනත්..
අප නමින් ඉකිබිදින
අපම ලොව තනි වුණත්...
තරහවක් නෑ හිතේ
සත්තමයි වෙන්වුණත්..



Saturday, March 16, 2013

වරද නිවරද..



දෙපා එක් කොට යදම් බැදලා
එපා සිරගත කර දමන්නට
ලොවම කියුවත් ඔහු වැරදි වග,
දනිති දන්නෝ ඔහු නිදොස් බව..

නිදියන්න..


අදුරු වූ රෑ හීන අතරේ
අසිහියෙන් මෙන් නුඹ සොයනවා..
අනේ එනමුදු නුඹ කොහිද මෙහි
ගව් ගනන් දුර වග හැගෙනවා..

මං තනිව මගෙ යහනෙ
නුඹ තනිව දුර ඈත..
එනතුරා යලී ළගට
නිදියන්න මගෙ හීනවල නුඹ..




කුසේ ගින්දර..


දිළිදු පියෙකුට දාව ඉපදුනු
කුසට අහරක් නොලද දරුවන්
නොඉවසනු බැරි හූල්ලන හඩ ,
එකම වරකුදු අසනු මහතුනි..

වරද වරදම වේය නිරතුරු
නමුදු ගින්දර කුසේ ඇවිලෙන
නිවනුවස් අහරක් හොරෙන් ගත්,
වරද ඔහුගෙද දිළිදුකම ලද ..




නුඹයි මගෙ අප්පච්චි..


තනිවෙලා ලෝකයෙන්
අවැසි විට සරණක්,
කිසි විටෙක මග නොහළ
ඔබයි මගෙ දෑත් වාරුව..

වැරදුමක් පැරදුමක් 
දුටු විගස අවුත් ඔබ
නොයා මා මග නොහැර 
හිතට දුන්නා සුවය..

රිදුම් දෙන සිතිල්ලක
ඉකි ගසා හඩද්දී..
දෝර ගලනා නෙතට
නුඹම විය ඉඩෝරය...

නිහඩ වී ලොවම මට
තනිකමින් හෙම්බත්ව,
හිදින යම් වෙලාවක
ඔබ මගේ අසළමය..

ඇදෙද්දී වන මගට,
සැණින් මා වෙත අවුත්
අරුත් දුන්නේ නුඹය
වැරදි වග මාර්ගය....

ඉතින් මා අප්පච්චී,
මා දෑත ඔබ නොවෙද
ඉදින් මා සිතනු කෙලෙසකද
නුඹ අමරණිය නොවන වග..


දඹදිව ගිය අප්පච්චි...


බුදුන් වැඩ උන් දේශයට,
වන්දනාවේ යනු පිණිස..
පා නගා ඔබ එක් දිනෙන්....
මේ මුළු නිවෙසම මහත් වූ පාළුවෙන්
දැවුණා මට මතකයි..
අප නැතුව කිසි තැනෙක,නොයෙනා ඔබ ගැන,
අප්පච්චි ඇත්තටම මගෙ හිතට පුදුමයි ..
දිනෙන් දින ගෙවී ගොස්,
ඔබ යළිදු එන දිනය,
ළං වෙවී එන කලට,
දැනෙන්නේ සත් වසක් පසුව ඔබ එන සෙයක්..




Monday, March 11, 2013

ඔයාගෙ නම..


ලිව්වා ඔයාගෙ නම
         අහසෙ..

සුළඟ ඇවිත් මකල ගියා..



ලිව්වා මං
         කළු වළාකුලක...
වැස්ස ඇවිත් මකල දැම්මා..






ලිව්වා ආයෙත් 


         වැල්ලෙ
රළ ඇවිත් මකල ගියා...





             ලියාගත්තා ආයෙ..

                          මගෙ හිතේ
      මං දන්නව ඒකනම් මකන්න බැ කටවත්ම...

                     
       හැමදාටම ඔයාගෙ නම මගෙ හිතේ තියේවි...





         

Sunday, March 10, 2013

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගෙ මං ආසම සිංදුවක්....

රෑ දුරු රට මේ..
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ..
කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ…
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ..
රෑ දුරු රට මේ..






මේ හිත නිදියන්න කලින් එනව නේද ඔයා..


හරි ලස්සනට වචන ගොනු කරල
නිවී හැනහිල්ලෙ විදින්න තරම් කවියක්,
මුහු කරන්න හිතට නිවනක් නැ..
ඒ තරමට තෙහෙට්ටුයි මේ හිතට..
ඔයා ඉන්නෙ මූදු හතකින් එහා කියල දැනෙද්දි,
කවි ලියන්න නෙමේ මට හිතෙන්නෙ..
අර කියාපු මූදු හතම පහු කරන්
ඔයාට තුරුල් වෙන්න දුවල එන්නයි මට හිතෙන්නෙ..
ඔයානම් කියන්නෙ,
"කාසි ගොඩක් හොයන් ඉක්මනට මං එනව මගෙ මැණික බලන්න" කියල..
ඒත් ඔය කියන කාසි ගොඩ 
එකතු කරද්දි,
මගෙ හිත හොදටම කඩමළු වෙලා තියේවිනෙ..
ඔයා දන්නවද මං හූල්ලන තරම..
ඔයා දන්නව ඒත් දැනෙන්නෑ වගේ පෙන්නනව..
මේ හිත නිදියන්න කලින් එනව නේද ඔයා..