Monday, February 25, 2013

මම මෙසේ අසා අත්තෙමි,


ආදරේ ඇති තැනට අමුත්තෙක් එනවා(ලු)
ඔහු නමින් , "කදුළ" (ලු)
පළමු වර එන ඔහු එසැණින්ම යළි යනවා(ලු)
දෙවන වර ඔහුට ඒමට ඉඩ තැබුව හොත්,
බිය සැක නැතුව එනවා(ලු)
නැවත ඉඩ ලද විටෙක
ආ මොහොතක,
ආදරය හා ඔහු හාදකමකට මුල පුරනවා(ලු)
හාද වූ පසු නිතර නිතර පැමිණෙන ඔහු,
යළි යන්නට අකමැති(ලු)....
එලෙස නැවතුම් ලද ඔහු සිටින ඉසව්වේ
යළි ආදරය සොයන්නට අපහසුයි (ලු).......


මතකද..

හද දිවෙන කල ඔහේ හිතුමතෙ
නාදුනන මල් හිත සිඹීවිද....
දුරින් හිදි කල මගෙන් ඈතක
හිතේ සුවදත් මඟ හැරේවිද....
කොතැන උන්නත් නොදැක අප නෙත්
මගේ සෙනෙහස හද රැදේවිද....
මගේ හුස්මත් ඔබ ළඟම වග
හැමදාම මතකයෙ තියේවිද....


ආදරෙයි රත්තරං කියනු බැරි තරමටම...


හැමදාම ළං වෙලා ආදරෙයි නොකීවට

දින ගණන් ඔය දෑස නෙතට මුණ නොගැහුණට
දිගුකලක් නුඹේ හඩ දෙසවණට නොවැටුණට
අඩු නොවෙයි ආදරේ නුඹ ළඟින් නොහිටියට...

                              හිත පුරා නව පැතුම් ඉපදේවි හැමදාම

                              ළංවෙන්න හිත පතයි සෙනේහෙන් නුඹ වෙතට
                              ගොළු වෙලා තුන් හිතම ආදරේ වැඩි කමට
                              ආදරෙයි රත්තරං කියනු බැරි තරමටම...


               

ඔබ ළඟ නැති විට..


නෙත් ගැටෙනා විට තව ළං වෙන්නේ
                               නෙතට එබෙන්නට තවත් වරක්...
ඔබ අමතන විට සවණ වැකෙන්නේ
                               හිතට හුරු පුරුදු ගැඹුරු කවක්...
නුඹෙ ළඟ උන් විට හිතට දැනෙන්නේ
                               සතුටින් ඉපිළෙන සැණකෙළියක්
ඔබ ළඟ නැති විට මටනම් දැනෙන්නෙ
                               ඉවසාගනු බැරි පාළු කමක්...
                          

දවස පුරා...




                                          හිමිදිරියෙ පිණි බිම සිඹින විට
                                 ගතට සිහිලක් දැනෙන මොහොතක
                                 ඔබෙ දෑසෙ තෙත මටත් දැනුණා
                                 සුළඟෙ දැවටී එන්න හිතුණා..

                                                          දැවෙන ගිනි හිරු නැගුණු දහවල
                                                          විඩා දෙන හැම වරක් ගානෙම
                                                          ඔබේ දෑතේ සිසිල දැනුණා
                                                          මුව පිපී ඔබ හිතේ ඇදුණා...

                                 අඩ අදුර ආ කලට ගොම්මන
                                 පාළු තනිකම හිතට ආ සද
                                 නුඹෙ හඩම මා සවණ පැතුවා
                                අදුර මැද්දෙන් එන්න හිතුණා...

                                                           පිච්ච කැකුළක සුවද හවහට
                                                           හිත සිඹින හැම වරක් පාසා
                                                           නුඹෙ හාදුවෙ සුවද දැනුණා
                                                           ඔබ සොයාගෙන එන්න හිතුණා..

                                   සද නැගුණු කල ඈත අහසට
                                   නැවුම් හීතල වත තෙමද්දී
                                   නුඹෙ උණුහුම හිතම හෙව්වා
                                   සද එළියෙ දැවටෙන්න හිතුණා

                                                             ලොවම නින්දේ ගිලී උන් රැය
                                                             මමම පමණක් නිදි නොවිදි සද
                                                             ඔය තුරුලෙ සුව වතට දැනුණා
                                                             මිහිරි හීනෙක පාට දුටුවා...









දෑත පටලා..


දෑතම පටලා ළංව තුරුල් වී
කීපවරක් පා නගපු වීදියක
තනියම නිහඩව දෙපා නගද්දී
දැනුණු හැගුම නුඹෙ හිතටත් දැනුණද....


දේදුනු පාට




දේදුනු පාටට හිත මැව් හීනෙට
හුදෙකලාව රජ දහනක්මැයි
ඒ දුටු පින්බර සොදුරු හීනයට
පාට වත් කළෙත් ඔබම තමයි.




මීදුම එතිලා හිරිමල් වැස්සට
දෙනෙත් වලට සීතල මුසුවෙයි
ඒ වැස්සේ හීතල විදගන්නට
හිතට හුරුකළෙත් ඔබම තමයි



සිනාසෙමු හෙට.




                       ඔබේ රුව සිහිකරන්
                                           දුටු හීන රෑ පුරා
                       ළගින් හිද මතක් කරමින්
                                           සිනාසෙමු අපි හිත පුරා
                       හොරෙන් විත් ලෝකයෙන්
                                           දෙඩුව රහසක් කොදුරලා
                        හීන අතරින් මතක් කරමින්
                                           සිනාසෙමු අදටත් වඩා....


ඔබ නැතිව හිදින්නට කොහොමටත් බැරි හැඩයි..

                                      
                                      රත් පාට හැන්දෑවෙ ලා රස්නෙ හරි මුදුයි
                                      සුදු පාට මීදුමේ සිසිලසට වත තෙමෙයි
                                      විදින මේ හැම සුවම අතර ඔබ මතක් වෙයි
                                      ඔබ නැතිව හිදින්නට කොහොමටත් බැරි හැඩයි


හමු වෙලා දොඩන්නට හිත හැගුම් බොහෝමයි
ළගට ළං වූ කලට හිත දෙකම හරි ගොළුයි
ඔබේ නෙත් අතරෙ මා හිදින වග මට පෙනෙයි
ඔය මුහුණ නොදැක මට හිදින්නට බැරි හැඩයි...

                                     
                                    
                                     ජිවිතේ සදහටම හීනයක් වග හැගෙයි
                                     නෙතු පියන් මෑත් කර බැලූ විට ඔබ පෙනෙයි
                                     නෙත් වසා හිදිද්දිත් ඔය රුවම මැවී යයි
                                     නුඹෙ නමට උපන් මගෙ ආදරය අනන්තයි..



ඇනුම් බැනුම්..


හසරක් නොදුටුව   -    අනන්ත කතරක
පෑයූ ගිනි හිරු         -   විහිදුව රැස් වල
උණුසුම දැනුණා    -    ඔබ මගෙ සවණත
තුන් හිත දවනා      -    වදනක් තැබු දින



මා ළගම රැදෙනවද..





රත්තරං හීනයට - දෙතොලතර මදහසට 
සේම නෙත කදුලටද
           අරුත දුන්නේ ඔබය...

සවණ රැදි ගීයකට - හමා එන සුලගටද
අරුත් ගැන්වූ ඔබය
            උණුහුමද සුසුමකට...           

හිතේ පෑයූ සදට - සද එළිය දුන් විලස
මගේ මුළු දිවියටම
            එළිය සැමදා ඔබය...

ආදරේ අරුත ගෙන - මා ළගට ආ ලෙසම
කිසි දිනක නොයන්නට
            මා ළගම රැදෙනවද...



Sunday, February 24, 2013

පෙරළිය



පුංචි හිත් මල් දෙකක් අතරට

ඉස්සරම දවසක
අහබෙන් එතුණු
පුංචි ආදර කතන්දරයක්,
මේ තරම් ලස්සන වෙලා
හිත් ඇතුලෙ අරක් ගනීවි කියල,
අර ඉස්සරම ඉස්සර දවස් වල නිකමටවත් හිතුනද....
දවසින් දවස කල් ගිහින්
මල්වර වෙච්චි ඒ කතන්දරේ,
ටිකෙන් ටික උස් මහත් වෙච්ච අපූරුව....
මතකද ඔයාට......
දැන් ඒ හිත් දෙක කොච්චර දුර ගිහින්ද..
අර පුංචි කතන්දරේට 
දැන් තනුවකුත් එකතු වෙලා...
ගීයකට පෙරළිලා...



ආසාව





අතු කෙළවර සුළගෙ වැනෙන 
සමන් පිච්ච මලක් ලෙසින් 
සුවද දිගැර සතුටු වෙන්න 
                                 නෑ හිත යට ආසාවක්......


ඈත අහසෙ හිනා පුරන
තරු වාගේ හිනා වෙන්න
එළිය දිදී සතුටු වෙන්න
                                 නෑ හිත ළග ආසාවක්...


තටු සලලා ඈතට යන 
කිරිල්ලියන් අතරට වැද
නිදහස සොයමින් යන්නට
                               නෑ හිත යට ආසාවක්...


දුක් කරදර වලින් පිරුණ
ජීවිතයක් උරුම වුවද
හැමදාමත් මං ආසයි
                                තුරුළු වෙලා ඉන්න ළගින්...

හුස්ම පොදක් දෙන්න..



සුසුමක උණුහුම හිත වද දෙන විට 
                                                          සිසිලස වී ඉන්න....

කදුලක හීතල හිරිවට්ටන විට                              
                                      උණුහුම වී ඉන්න... 
තනියක සේයා හිත නොරැදෙන්නට                              
                                       ඔබ මගෙ ළග ඉන්න.
පණ ගැහෙනා ජීවිතය අරන් ඔබ         
                                       හුස්ම පොදක් දෙන්න..
                                       

                   
                                         ඔබ ළග නැති විට යස ඉසුරින් පිරි
                                                                           ලෝකය මට කුමට...
                                         මොනයම් දේවල් මට හිමි වූවත්
                                                                           කිම මට ඔබ නැතුව...
                                          මගෙ සතුටද සැනසුම හැම දේකම
                                                                           උරුමය ඔබ ලගය..
                                          මගෙ මේ ජීවිතයම ඔබ ළං කරගෙන
                                                                            එක හුස්මක් දෙන්න..









එදා අහසේ ඔබත් දුටුවේ මමත් දුටු ඒ අදුරු සදමද.....




ඉවසගනු බැරි සොවින් හදවත්
                                     තෙරපිලා උන් අදුරු දවසක
හිතේ කළුවර හැගුම් දරමින් 
                                     අපි දෙදෙන දෙතැනකට වී හිද
සුසුම් දහසක් අතර දැවෙමින්
                                     දෙසිත සනහාගන්න බැරිවම
එදා අහසේ ඔබත් දුටුවේ
                                     මමත් දුටු ඒ අදුරු සදමද.....








ඉදහිටක තරහ වී..



ඉදහිටක තරහ වී ගෙවී ගිය මොහොතකත්

සත්තමයි මට දැනුණෙ හද දෙපලු වුණු බවක්...
එවිට හද පිසලන්න හනික ආ කදුලකත්
මට දැනුණෙ උණුසුමයි ඔබ තුරුලෙ දිනෙක ලත්..





වටිනාකම..









මුවින් නැගෙනා සිනා දහසක්

නොවටිනා වග හදට දැනුණේ
සිනහ වී මුලු හිතින්
මවෙත ආ ඔබ දුටු විටයි..

                 පාළු මකනා වදන් දහසක්

                 නොවටිනා වග මටම හැගුණේ
                 ඔබේ එක වදනකින්
                 මා සවන් පිරවූ විටයි...


                            නෙතට වදිනා බැලුම් දහසක්
                            නූපදනා වග හිතේ සතුටක්
                            දැනී නෙත් යුග අවදි වූයේ
                            ඔබෙන් බැල්මක් ලද විටයි


                                     හිතට නැගෙනා සිතුම් දහසක්
                                     අරුත් සුන් වග හදට දැනුණේ
                                     ඔබ නමින් ආ සුපෙම් හැගුමක්
                                     හදවතේ බැමි බිදි පසුයි..          













හිතට බර වැඩියි


ඔබ ගැන සිත පිස එන හැම හැගුමම

                           උහුලාගනුහැකි නොවන තරම්..
හිතට විසල් වග තේරුම් කරන්න
                            වෙන කිසි අයුරක් නෑ මටනම්..







ජීවත් වෙන හැම මොහොතක් ගානෙම

                              හිත මත ඔබ ඇවිදිනා තරම්...
කියා ගත නොහේ ඒ හැම මොහොතෙම
                              හිතට බර වැඩියි අඩි සටහන්..




සිහිවටන




සයුරු රළ පෙළ අසළ වෙරලේ

හිස තියන් ඔය ළයට රහසේ
අසා උන් රස මියුරු කවියක
තනුව තවමත් ඇසෙයි සවනේ...


                          වරින් වර නෙත් බලා කල් යල්

                          දුවයි දැකුමට ඔබේ හසරැල්
                          ඔබෙන් ලද තෙත හාදුවක රස
                          යලිත් ඉල්ලයි මා දෙතොල්...





 

           





     



ඔබව දැනෙන'යුරු...



වාවාගනු බැරි

හිත් රිදවිලි ළග
ඔද්දල් වුණු හිත
පිස ලා පණ දුන්
                      සෙනෙහස ඔබමය...



හිස ඔසවන්නට

නොහැකිව ඉදි වන
බාධා පවුරක
හැංගී මතු වුණු
                     වාරුව ඔබ මට....



මගෙ සෙනෙහස ගෙන

හදවත පුරාව
හිත සනසන්නට
මා ළග නැවතුන
                     පහන් හැගුම ඔබ......