Sunday, February 24, 2013

ඔබව දැනෙන'යුරු...



වාවාගනු බැරි

හිත් රිදවිලි ළග
ඔද්දල් වුණු හිත
පිස ලා පණ දුන්
                      සෙනෙහස ඔබමය...



හිස ඔසවන්නට

නොහැකිව ඉදි වන
බාධා පවුරක
හැංගී මතු වුණු
                     වාරුව ඔබ මට....



මගෙ සෙනෙහස ගෙන

හදවත පුරාව
හිත සනසන්නට
මා ළග නැවතුන
                     පහන් හැගුම ඔබ......



2 comments:

  1. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම්!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා. :)

      Delete