ධීවරිය.
පෙරදා මූදු ගිය ස්වාමියා එන තුරු,
පෙරගමන් විත් බලාන ඉන්න
අහිසක ධීවරියට,
පිණි බිංදු වලට ඉර අව්ව වැටිලා
දිස්න දෙන බිංතඹුරු මලේ
ලස්සන දැකීමත් උගහටයි.
ඇගේ දෑස ඉල්ලන්නෙ
අන් කිසිවක් නෙමෙයි..
ඈත සයුරෙ ,
තිතක් වාගෙ මතුවෙලා
ළං ළං වෙන,
අබලං වෙච්ච ඔරු කඳක සේයාවක්.....


No comments:
Post a Comment