Monday, February 25, 2013

මම මෙසේ අසා අත්තෙමි,


ආදරේ ඇති තැනට අමුත්තෙක් එනවා(ලු)
ඔහු නමින් , "කදුළ" (ලු)
පළමු වර එන ඔහු එසැණින්ම යළි යනවා(ලු)
දෙවන වර ඔහුට ඒමට ඉඩ තැබුව හොත්,
බිය සැක නැතුව එනවා(ලු)
නැවත ඉඩ ලද විටෙක
ආ මොහොතක,
ආදරය හා ඔහු හාදකමකට මුල පුරනවා(ලු)
හාද වූ පසු නිතර නිතර පැමිණෙන ඔහු,
යළි යන්නට අකමැති(ලු)....
එලෙස නැවතුම් ලද ඔහු සිටින ඉසව්වේ
යළි ආදරය සොයන්නට අපහසුයි (ලු).......


2 comments:

  1. අයියෝ සල්ලිලු ......
    කථාව ඇත්තලු .............
    දැනුත් මේ විදින ගමන්ලු ........
    ඇඩෙන්නේ තනි ඇහැටලු .........

    ReplyDelete