Sunday, February 24, 2013

ආසාව





අතු කෙළවර සුළගෙ වැනෙන 
සමන් පිච්ච මලක් ලෙසින් 
සුවද දිගැර සතුටු වෙන්න 
                                 නෑ හිත යට ආසාවක්......


ඈත අහසෙ හිනා පුරන
තරු වාගේ හිනා වෙන්න
එළිය දිදී සතුටු වෙන්න
                                 නෑ හිත ළග ආසාවක්...


තටු සලලා ඈතට යන 
කිරිල්ලියන් අතරට වැද
නිදහස සොයමින් යන්නට
                               නෑ හිත යට ආසාවක්...


දුක් කරදර වලින් පිරුණ
ජීවිතයක් උරුම වුවද
හැමදාමත් මං ආසයි
                                තුරුළු වෙලා ඉන්න ළගින්...

4 comments:

  1. හෙහ් ඕන්න මං තමා මේකට මුලිංම ප්‍රතිචාරයක් දෙන්නෙ හොදේ මුලිංම මං දැනගන්න ආසයි මෙ කවි පොතේ කවි කීයක් තියනවද...? දැං මෙ කවි වලිං කියවෙනවා "හැමදාමත් මං ආසයි තුරුළු වෙලා ඉන්න ළගින්..." කියලා දැන් ඔය කව්ද ඔය ආලවන්නයා :3

    ReplyDelete
    Replies
    1. කවි 700ක් විතර තියෙනව දිලුම්.. ඒ ආලවන්තය තමයි මගෙ ආලවන්තය :D

      Delete
    2. ඕ කවි එකතුවක් හොදයි හොදයි

      Delete
  2. කවිම විතරද සිඟිතියෝ මේකේ තියෙන්නේ.

    ReplyDelete